Friday, April 26, 2013

Junior talent show



J.T.S එක පසුගිය පොහෝ දින පැවැත්වුණා.සිංහල අංශයෙන් පහළොස් දෙනෙක්,හින්දි සහ ඉංග්‍රීසි අංශයෙන් දහදෙනා බැගින්,දමිළ අංශයෙන් අට දෙනෙකුත් ගීත ගායනා කළා.චකිතයකින් තොරව 'චකිතය' කියපු අය,අලුත් සින්දු කියන්න ගිහින් නා ගත්තු අය,සින්දු අස්සෙ කාවඩි නටපු අය වගේම 'මයියා මයියා' කියල වේදිකාව දෙදරවපු අයත් හිටියා.
මුල් වටය ඉවර වෙලා දෙවන වටයක් තිබ්බේ සිංහල අංශයෙ විතරයි.
ඔය දෙවනි වටයෙදි තමයි කැමීලියා මල් සුවද ඔස්සේ සිත සැනසුම හොයාගෙන යන්න පොඩි එව්වෝ වෙර දරුවේ.ඔන්න 'කුන්දත් තරිකිට' කියල අලුත් බාසාවකුත් දනගත්තෙ නෑතෑ.
මොනවා උනත් අපේ පොඩි එවුන්ගෙ දස්සකම නම් පට්ට කියල අපට තේරුණා.ඒ වෙනුවෙන් පුංචි තෑග්ගක් දෙන්න ලෑස්ති කරගෙන යනව කියල අරංචියකුක් තියනවා.''සින්දු කියන්න කොච්චර නොහැකියාව තිබුනත් සහභාගීත්වය අපි අගය කරනව'' ඒ ජනනාත් සර්ගෙ අදහස්.එදා දවසෙ තරගය සාර්ථක කරගන්න සීනියර් අයියල අක්කලගෙන් ලැබුනෙ අපූරු සහයෝගයක්.එදා නංගිලා මල්ලිලා ගොඩාක් සතුටු වුණු බව නම් පෙනුණා.ඉඳුවර අපේ බලාපොරොත්තුවත් එයයි.අපේ නංගිලා මල්ලිලා පිලිගන්න අපි දරන මහන්සියේ සෑබෑ ප්‍රතිඵලයක් තියන බව අපිට එදා ඒ මූණු වලින් පෙනුණා වචන වලින් ඇහුනා වගේ ම හදවතින් දෑනුණා.
එදා දිනපු සන්දීප,ලහිරු මල්ලිලාටත්,ආරභී,කවිශන්ගරී නන්ගිලාටත් සුභ පතමින් නිමාව සටහන් කරන්නේ අභිමානවත් 'දහයේ' සමාජිකයෙක් වීම පිළිබදව හදපතුලෙන්ම සතුටුවෙන ගමන්.
                                                -පියවි-


Thursday, April 11, 2013

සංහිඳ


ඉඳුවර 2013 මිතුරු මකරන්දයේ, දක්ෂතාවලින් පිරුණු අලුත් මෙඩ්ඩෝ සොයන් යන ගමනේ eleven එකේ  නංගිලා මල්ලිලාගෙ නිවේදන තරඟය, සිංහල භාෂාවෙන්
පලමු දවසෙත්, ඉංග්‍රීසි හා දමිළ භාෂා වලින් දෙවන දවසෙත් පැවැත්වුනා.

හැමදාම වගේ මෙදා පාරත් දක්ෂයෝ ගොඩාක් 'ඉඳුවර' වේදිකාවෙන් faculty
එකට තිලිණ වුනා.දක්ෂයි දක්ෂයි කිව්වට මොකෝ කට්ටිය තරඟ කරද්දි
හොඳට නාගන්නත් අමතක කලේ නෑ. වේදිකාව කොච්චර උණුසුම්ද කිව්වොත්
අපේ රටේ අගමැතිතුමාගෙ නම පවා සමහර නංගිලට අමතක වුනා.
අමතක වුනා කිව්වට මොකෝ ඇත්තටම දන්නවද කියලත් ෂුවර් නෑ.
ඇයි ඒ විතරක්ද? පාපැදි තරඟයේ ඉදිරියෙන් ම දුවන තරඟ කරුවොත්
සමහර නිවේදක නිවේදිකාවො දැකල තිබුනනෙ.ආ….. අන්ජනං බලලා
තරඟකරුට තුවාල වෙච්චි බව නිවේදනය කරන්නත් මෙ කට්ටිය හුඟාක් දක්ෂයි.
කොච්චර කලබල වුනාද කිව්වොත් සමහර නංගිලා projector එක පවා
පොලොවේ ගැහුවා.අපේ  ඇ‍ඟේ ලේ වතුර වෙලා තිබුනත්, දහයට වටෙන් පිටෙන්
ලැබුන සප් එක නම් මාරයි. ඒ සප් එකේ පිහිටෙන්ද කොහෙද අවුලක් නැතුව
වැඩේ සමතයකට පත් වුනා.
මේ අලකලංචි ඔක්කොම මැද්දෙ දේශපාලකයෝ, ක්‍රීඩකයෝ, නළු නිළියෝ,
කොරියානු ජාතිකයෝ, ලෝක ප්‍රසිද්ධ ගායකයෝ ආදී නොයෙක් ක්ෂේත්‍ර වල
දිදුලන චරිත සමග සම්මුඛ සාකච්චා වලදි ඇසුරු කරන්නත්
තරඟකරුවන්ට අවස්ථාව ලැබුනා. විනෝදය පිරුනු පලමු දවසේ
විද්වත් විනිශ්චය මණ්ඩලය සුපිරිම නිවේදකයන් ප්‍රකාශයට පත්
කලේ රස මුසු පුවත් , කතන්දර ‍රැසක් ඉදිරිපත් කරමින්.

දෙවැනි දවසෙත් මුල් දවසෙ වගේම ඉංග්‍රීසි, දමිළ භාෂාවල
නිවේදකයන් ඇගයීමට ලක් කලා. එදා වගේ ම අලකලංචි නම් ගොඩක් සිද්ද
වුනා. මාර හදිස්සියෙන් නිවේදනය කරපු සමහර නංගිල පණ එපා
කියාගෙන මයික් එක බිමින් ම තියලා ගියා. හැබැයි නංගියෙ ඔච්චර කලබල
වෙලා වැඩ කරන එක නම් ඉස්සරහට ගොඩක් ප්‍රශ්ණ ඇති කරන දෙයක්
වෙයි.
එදත් සුප්‍රකට චිත්‍රපට චරිත, නළු නිළියන්, ක්‍රීඩකයන් ආදී
චරිත සම්මුඛ සකච්ඡා කිරීමට නංගිලාටයි මල්ලිලාටයි අවස්ථාව
ලැබුනා. සුදුවට ආව සමහර නංගිලා ඉන්ටෙර්වීව් එකේදි රතු වුනා.
ඒ ආපු සමහර චරිත වලට ආදරේ වැඩි කමට, කතා කරන දේ
අමතක වුන නිවේදිකාවොත් අපිට හම්බ වුනා. සමහරුන්ට වැසිකිලි
භාවිතා කරන හැටි ගැන හදාරන්නත් අවස්ථාව ලැබුනා. කොහොම හරි ඒ
අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කට්ටිය හොඳට තරඟ කරලා
ජයග්‍රහණය කලා.
මේ විදිහට ඉඳුවරෙහි 'සංහිඳ' නිමාව දු‍ටුවා. ඒත් එක්කම අවුරුදු
නිවාඩුවත් අත ලඟටම ඇවිත්. ආයෙත් faculty එක ඉඳුවර සුවඳින්
දිදුලන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ.
අලුත් බලාපොරොත්තු, අලුත් අදහස් රොත්තක් එක්ක ආයෙත් හම්බ වෙන
තුරු ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
                                                                                 -සිනා-

Friday, April 5, 2013

පන්හිඳ, කවිදහර, විදුණ


පසුගිය දෙවැනිදා කෙටිකතා  තරඟයත් තුන්වැනිදා  ගී පබැඳුම් තරඟයත් හතරවැනිදා දැනුම මිනුම තරඟයත් ආදී වශයෙන් තවත් තරඟ තුනක් මේ විදිහට දින තුනකදී  අවසන් උණා. මේ තරඟ අපි හැඳින්වුයේ 'පන්හිඳ, කවිදහර හා විදුණ' යනාදී වශයෙන්. eleven එකේ නංගිලා මල්ලිලාගෙ දස්කම් මේ තරඟ වලදිත් හොඳින් දකින්න ලැබුණා. අද පැවැත්වුණු සිංහල ගායනා දෙවන තරඟ වටයෙදිත් අපේ විනිශ්චය මණ්ඩලයට අවසාන දසදෙනා ‍තෝරන්න බොහොම අමාරු වුණු බවකුයි පේන්න තිබුණෙ.

ඒ කොහොම උණත් eleven එකේ ඉන්නෙ හොඳට ම ආදරේ නිසා බැටකාපු කට්ටියක් බවයි කෙටි කතා තරඟයෙනුත් ගී පබැඳුම් තරඟයෙනුත් ලැබුණු නිර්මාණ වලින් නම් පේන්න නම් තිබුණෙ . කෙටි කතා තර‍ඟෙට ලැබුණෙ 'බලාපොරොත්තුව 'කියන මාතෘකාව. ගී පබැඳුම් තර‍ඟෙට ලැබුණෙ ' ක්ෂිතිජයෙන් එහා' කියන මාතෘකාව.
ලස්සන වැඩේ කියන්නෙ නංගිලා මල්ලිලාගෙ නිර්මාණ වල මේ මාතෘකා දෙකම අන්තිමට කේන්ද්‍ර කරලා තිබුණෙ 'විරහව' කියන සංසිද්ධියට. ඇත්තම කිව්වොත් 'විරහ වේදනාවට'. සරසවි දිවියට කෝඩුකාරයන් වෙන්නත් කලින් ම කට්ටිය ආදර දිවියට කෝඩුකාරයන් වෙන්න ගිහින්ද මන්දා. ඒ ගිහිනුත් කට්ටිය වැඩේ නාගෙන වගෙයි පේන්නෙ.දැන් ඉතින් අතීතෙ ගැන හිත හිතා දුක් වෙලා වැඩක් නෑනෙ නේද? අපි මෙහෙන්වත් හරි විදිහකට ගොඩයන්න බලමු.

දැනුම මිනුම තර‍ඟෙදිනම් හැබෑම උණුසුමක් දකින්න ලැබුණා. අන්තිමටම සමලකුණු නිසා තරඟ වට හතරක් වෙනම ම පවත්වන්නත් සිද්ධ වුණා. මේ අස්සෙ ඉතින් ඕස්ට්‍රේලියාවෙ ජාතික පුෂ්පය විදිහට 'කෙහෙල්මල්' පිපෙනවා දැකපු අය, යුද්ධ දිනන්න අයියනායක දෙවියන්ට බාර වුණු  අය වගේ ම  හරි අපූරුවට තියෙන ජපන් රටේ අගමැති විදිහට චංගුමීව පත් කරපු අයත් හිටියා. 

ජපන් රටට අයියනායක දෙවියන්ගේම පිහිටයි !
                                
                                                                                     -මීදුම-