Thursday, April 11, 2013
සංහිඳ
ඉඳුවර 2013 මිතුරු මකරන්දයේ, දක්ෂතාවලින් පිරුණු අලුත් මෙඩ්ඩෝ සොයන් යන ගමනේ eleven එකේ නංගිලා මල්ලිලාගෙ නිවේදන තරඟය, සිංහල භාෂාවෙන්
පලමු දවසෙත්, ඉංග්රීසි හා දමිළ භාෂා වලින් දෙවන දවසෙත් පැවැත්වුනා.
හැමදාම වගේ මෙදා පාරත් දක්ෂයෝ ගොඩාක් 'ඉඳුවර' වේදිකාවෙන් faculty
එකට තිලිණ වුනා.දක්ෂයි දක්ෂයි කිව්වට මොකෝ කට්ටිය තරඟ කරද්දි
හොඳට නාගන්නත් අමතක කලේ නෑ. වේදිකාව කොච්චර උණුසුම්ද කිව්වොත්
අපේ රටේ අගමැතිතුමාගෙ නම පවා සමහර නංගිලට අමතක වුනා.
අමතක වුනා කිව්වට මොකෝ ඇත්තටම දන්නවද කියලත් ෂුවර් නෑ.
ඇයි ඒ විතරක්ද? පාපැදි තරඟයේ ඉදිරියෙන් ම දුවන තරඟ කරුවොත්
සමහර නිවේදක නිවේදිකාවො දැකල තිබුනනෙ.ආ….. අන්ජනං බලලා
තරඟකරුට තුවාල වෙච්චි බව නිවේදනය කරන්නත් මෙ කට්ටිය හුඟාක් දක්ෂයි.
කොච්චර කලබල වුනාද කිව්වොත් සමහර නංගිලා projector එක පවා
පොලොවේ ගැහුවා.අපේ ඇඟේ ලේ වතුර වෙලා තිබුනත්, දහයට වටෙන් පිටෙන්
ලැබුන සප් එක නම් මාරයි. ඒ සප් එකේ පිහිටෙන්ද කොහෙද අවුලක් නැතුව
වැඩේ සමතයකට පත් වුනා.
මේ අලකලංචි ඔක්කොම මැද්දෙ දේශපාලකයෝ, ක්රීඩකයෝ, නළු නිළියෝ,
කොරියානු ජාතිකයෝ, ලෝක ප්රසිද්ධ ගායකයෝ ආදී නොයෙක් ක්ෂේත්ර වල
දිදුලන චරිත සමග සම්මුඛ සාකච්චා වලදි ඇසුරු කරන්නත්
තරඟකරුවන්ට අවස්ථාව ලැබුනා. විනෝදය පිරුනු පලමු දවසේ
විද්වත් විනිශ්චය මණ්ඩලය සුපිරිම නිවේදකයන් ප්රකාශයට පත්
කලේ රස මුසු පුවත් , කතන්දර රැසක් ඉදිරිපත් කරමින්.
දෙවැනි දවසෙත් මුල් දවසෙ වගේම ඉංග්රීසි, දමිළ භාෂාවල
නිවේදකයන් ඇගයීමට ලක් කලා. එදා වගේ ම අලකලංචි නම් ගොඩක් සිද්ද
වුනා. මාර හදිස්සියෙන් නිවේදනය කරපු සමහර නංගිල පණ එපා
කියාගෙන මයික් එක බිමින් ම තියලා ගියා. හැබැයි නංගියෙ ඔච්චර කලබල
වෙලා වැඩ කරන එක නම් ඉස්සරහට ගොඩක් ප්රශ්ණ ඇති කරන දෙයක්
වෙයි.
එදත් සුප්රකට චිත්රපට චරිත, නළු නිළියන්, ක්රීඩකයන් ආදී
චරිත සම්මුඛ සකච්ඡා කිරීමට නංගිලාටයි මල්ලිලාටයි අවස්ථාව
ලැබුනා. සුදුවට ආව සමහර නංගිලා ඉන්ටෙර්වීව් එකේදි රතු වුනා.
ඒ ආපු සමහර චරිත වලට ආදරේ වැඩි කමට, කතා කරන දේ
අමතක වුන නිවේදිකාවොත් අපිට හම්බ වුනා. සමහරුන්ට වැසිකිලි
භාවිතා කරන හැටි ගැන හදාරන්නත් අවස්ථාව ලැබුනා. කොහොම හරි ඒ
අවස්ථාවෙන් ප්රයෝජන අරගෙන කට්ටිය හොඳට තරඟ කරලා
ජයග්රහණය කලා.
මේ විදිහට ඉඳුවරෙහි 'සංහිඳ' නිමාව දුටුවා. ඒත් එක්කම අවුරුදු
නිවාඩුවත් අත ලඟටම ඇවිත්. ආයෙත් faculty එක ඉඳුවර සුවඳින්
දිදුලන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ.
අලුත් බලාපොරොත්තු, අලුත් අදහස් රොත්තක් එක්ක ආයෙත් හම්බ වෙන
තුරු ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
-සිනා-
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment