Friday, April 5, 2013
පන්හිඳ, කවිදහර, විදුණ
පසුගිය දෙවැනිදා කෙටිකතා තරඟයත් තුන්වැනිදා ගී පබැඳුම් තරඟයත් හතරවැනිදා දැනුම මිනුම තරඟයත් ආදී වශයෙන් තවත් තරඟ තුනක් මේ විදිහට දින තුනකදී අවසන් උණා. මේ තරඟ අපි හැඳින්වුයේ 'පන්හිඳ, කවිදහර හා විදුණ' යනාදී වශයෙන්. eleven එකේ නංගිලා මල්ලිලාගෙ දස්කම් මේ තරඟ වලදිත් හොඳින් දකින්න ලැබුණා. අද පැවැත්වුණු සිංහල ගායනා දෙවන තරඟ වටයෙදිත් අපේ විනිශ්චය මණ්ඩලයට අවසාන දසදෙනා තෝරන්න බොහොම අමාරු වුණු බවකුයි පේන්න තිබුණෙ.
ඒ කොහොම උණත් eleven එකේ ඉන්නෙ හොඳට ම ආදරේ නිසා බැටකාපු කට්ටියක් බවයි කෙටි කතා තරඟයෙනුත් ගී පබැඳුම් තරඟයෙනුත් ලැබුණු නිර්මාණ වලින් නම් පේන්න නම් තිබුණෙ . කෙටි කතා තරඟෙට ලැබුණෙ 'බලාපොරොත්තුව 'කියන මාතෘකාව. ගී පබැඳුම් තරඟෙට ලැබුණෙ ' ක්ෂිතිජයෙන් එහා' කියන මාතෘකාව.
ලස්සන වැඩේ කියන්නෙ නංගිලා මල්ලිලාගෙ නිර්මාණ වල මේ මාතෘකා දෙකම අන්තිමට කේන්ද්‍ර කරලා තිබුණෙ 'විරහව' කියන සංසිද්ධියට. ඇත්තම කිව්වොත් 'විරහ වේදනාවට'. සරසවි දිවියට කෝඩුකාරයන් වෙන්නත් කලින් ම කට්ටිය ආදර දිවියට කෝඩුකාරයන් වෙන්න ගිහින්ද මන්දා. ඒ ගිහිනුත් කට්ටිය වැඩේ නාගෙන වගෙයි පේන්නෙ.දැන් ඉතින් අතීතෙ ගැන හිත හිතා දුක් වෙලා වැඩක් නෑනෙ නේද? අපි මෙහෙන්වත් හරි විදිහකට ගොඩයන්න බලමු.
දැනුම මිනුම තරඟෙදිනම් හැබෑම උණුසුමක් දකින්න ලැබුණා. අන්තිමටම සමලකුණු නිසා තරඟ වට හතරක් වෙනම ම පවත්වන්නත් සිද්ධ වුණා. මේ අස්සෙ ඉතින් ඕස්ට්‍රේලියාවෙ ජාතික පුෂ්පය විදිහට 'කෙහෙල්මල්' පිපෙනවා දැකපු අය, යුද්ධ දිනන්න අයියනායක දෙවියන්ට බාර වුණු අය වගේ ම හරි අපූරුවට තියෙන ජපන් රටේ අගමැති විදිහට චංගුමීව පත් කරපු අයත් හිටියා.
ජපන් රටට අයියනායක දෙවියන්ගේම පිහිටයි !
-මීදුම-
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment