උදා හිරු රැස් විසිරෙන
නීල පිණිදිය කැට මත
දඟකරන රැළි නගා
මල් තුහින විසිරුවා
නගන හසකැන් සරින්
පැහැදුලන සියක් සිත්
මිතුරුදමේ මකරන්දයට
සුවඳ දී සුපිපෙන්න...
ඉතින් එදා ඒ විදිහට ආරම්භ වුණු අපේ 'ඉඳුවර' ආනන්ද කුලරත්න ශාලාවේදී පසුගිය මැයි පස් වන ඉරු දින, මිතුරුදමේ සුවඳ දසත පතුරුවාලමින් සුපිපුණා.
මෙතෙක් කල් තමන්ගෙම බැච් එකේ අයගෙ දක්ෂතා නරඹපු eleven එකේ නංගිලා මල්ලිලාට එදා 'දහයේ' අපේ අයියලා අක්කලාගෙ දක්ෂතා බොහොම අපූරුවට නරඹන්නට රසවිඳින්නට ලැබුණා. ගීත, නාට්‍ය, නර්තන, වාදන යන අංග බොහොමයකින් 'දහයේ' අපේ අය දක්ෂතා එළිදැක්වුවා. සිංහල වගේම , දමිළ , හින්දි , ඉංග්‍රීසි භූතාන් භාෂාවලිනුත් අංග ඉදිරිපත් වුණේ මනාව සමබර අංග පෙළක් ප්‍රේක්ෂක සහෝදර සහෝදරියන්ට ලබාදෙමින්.
නංගිලා මල්ලිලා මෙතෙක් කල් එළිදක්වපු දක්ෂතා මෙහිදී ඇගයීමට ලක් වුණේ සහතිකපත් ප්‍රදානය මගින් පමණක් නෙවෙයි. එයාලටත් තම තමන්ගේ දක්ෂතා වලට වේදිකාවේ තැනක් ලබාදෙමින්.
'දහයේ' අපේම සහෝදර සහෝදරියන්ගේ සමගිය, ඉවසීම, කැපකිරීම් හමුවේ අවසානයේදී උත්කෘෂ්ඨ විදිහට නිමාවුණු 'ඉඳුවර' පීඨාධීපතිතුමන් වගේම, ඒ සුන්දර අවස්ථාවට සහභාගී වුණු අපේම ආචාර්ය මහාචාර්යවරුන්ගේත් ඉමහත් පැසසුමට ලක් වුණා. කොළඹ වෙද පියසේ ඉතිහාසයට කිසිදා නොමියෙන සුන්දර මතක ගොන්නක් එක් කරපු අපේ 'ඉඳුවර' eleven එකේ නංගිලා මල්ලිලාගෙ හිත් කොනක තැම්පත් වුණු ආදරණීය මතකයක් වුණා නම් ඒක තමා 'දහයෙ' අපේ ජයග්‍රහණය.
දිවි අරුණැල්ලේ හසකැන් රැඳුණු දනව්වේ
මඳ නලරැල්ලේ රැඳි සිතුම් සුවඳ හද මුසුවේ
පිබිදෙන්නේ හසරැල්ලයි සොයුරුදමේ
විහිදෙන්නේ සඳ කිරණයි මිතුරු පෙමේ
කඳුළු තිමිර පට බිඳදා - පැතුම් මිහිර සිත රඳනා
රඟදෙයි බබළයි - තරුකැන් දිදුළ එළි පරදා
නිසසල විල් තෙරේ - මල් මුවරද විසිරෙන්නේ
පිවිතුරු හද විලේ - නිල් 'ඉඳුවර' සුපිපෙන්නේ
බිඟුකැන් ගුමු ගුමු නදිනා - පැහැදුල් ඉඳුවර පිපෙනා
සුවඳයි සොඳුරුයි - අප සිත් සැම එක ලෙසිනා
Halcyon springs of friendship
Chimerical blossoms of love & warmth
Bloom in our welcoming hearts
For you... Just for you... !
-මීදුම-
J.T.S එක පසුගිය පොහෝ දින පැවැත්වුණා.සිංහල අංශයෙන් පහළොස් දෙනෙක්,හින්දි සහ ඉංග්‍රීසි අංශයෙන් දහදෙනා බැගින්,දමිළ අංශයෙන් අට දෙනෙකුත් ගීත ගායනා කළා.චකිතයකින් තොරව 'චකිතය' කියපු අය,අලුත් සින්දු කියන්න ගිහින් නා ගත්තු අය,සින්දු අස්සෙ කාවඩි නටපු අය වගේම 'මයියා මයියා' කියල වේදිකාව දෙදරවපු අයත් හිටියා.
මුල් වටය ඉවර වෙලා දෙවන වටයක් තිබ්බේ සිංහල අංශයෙ විතරයි.
ඔය දෙවනි වටයෙදි තමයි කැමීලියා මල් සුවද ඔස්සේ සිත සැනසුම හොයාගෙන යන්න පොඩි එව්වෝ වෙර දරුවේ.ඔන්න 'කුන්දත් තරිකිට' කියල අලුත් බාසාවකුත් දනගත්තෙ නෑතෑ.
මොනවා උනත් අපේ පොඩි එවුන්ගෙ දස්සකම නම් පට්ට කියල අපට තේරුණා.ඒ වෙනුවෙන් පුංචි තෑග්ගක් දෙන්න ලෑස්ති කරගෙන යනව කියල අරංචියකුක් තියනවා.''සින්දු කියන්න කොච්චර නොහැකියාව තිබුනත් සහභාගීත්වය අපි අගය කරනව'' ඒ ජනනාත් සර්ගෙ අදහස්.එදා දවසෙ තරගය සාර්ථක කරගන්න සීනියර් අයියල අක්කලගෙන් ලැබුනෙ අපූරු සහයෝගයක්.එදා නංගිලා මල්ලිලා ගොඩාක් සතුටු වුණු බව නම් පෙනුණා.ඉඳුවර අපේ බලාපොරොත්තුවත් එයයි.අපේ නංගිලා මල්ලිලා පිලිගන්න අපි දරන මහන්සියේ සෑබෑ ප්‍රතිඵලයක් තියන බව අපිට එදා ඒ මූණු වලින් පෙනුණා වචන වලින් ඇහුනා වගේ ම හදවතින් දෑනුණා.
එදා දිනපු සන්දීප,ලහිරු මල්ලිලාටත්,ආරභී,කවිශන්ගරී නන්ගිලාටත් සුභ පතමින් නිමාව සටහන් කරන්නේ අභිමානවත් 'දහයේ' සමාජිකයෙක් වීම පිළිබදව හදපතුලෙන්ම සතුටුවෙන ගමන්.
-පියවි-
ඉඳුවර 2013 මිතුරු මකරන්දයේ, දක්ෂතාවලින් පිරුණු අලුත් මෙඩ්ඩෝ සොයන් යන ගමනේ eleven එකේ නංගිලා මල්ලිලාගෙ නිවේදන තරඟය, සිංහල භාෂාවෙන්
පලමු දවසෙත්, ඉංග්‍රීසි හා දමිළ භාෂා වලින් දෙවන දවසෙත් පැවැත්වුනා.
හැමදාම වගේ මෙදා පාරත් දක්ෂයෝ ගොඩාක් 'ඉඳුවර' වේදිකාවෙන් faculty
එකට තිලිණ වුනා.දක්ෂයි දක්ෂයි කිව්වට මොකෝ කට්ටිය තරඟ කරද්දි
හොඳට නාගන්නත් අමතක කලේ නෑ. වේදිකාව කොච්චර උණුසුම්ද කිව්වොත්
අපේ රටේ අගමැතිතුමාගෙ නම පවා සමහර නංගිලට අමතක වුනා.
අමතක වුනා කිව්වට මොකෝ ඇත්තටම දන්නවද කියලත් ෂුවර් නෑ.
ඇයි ඒ විතරක්ද? පාපැදි තරඟයේ ඉදිරියෙන් ම දුවන තරඟ කරුවොත්
සමහර නිවේදක නිවේදිකාවො දැකල තිබුනනෙ.ආ….. අන්ජනං බලලා
තරඟකරුට තුවාල වෙච්චි බව නිවේදනය කරන්නත් මෙ කට්ටිය හුඟාක් දක්ෂයි.
කොච්චර කලබල වුනාද කිව්වොත් සමහර නංගිලා projector එක පවා
පොලොවේ ගැහුවා.අපේ ඇඟේ ලේ වතුර වෙලා තිබුනත්, දහයට වටෙන් පිටෙන්
ලැබුන සප් එක නම් මාරයි. ඒ සප් එකේ පිහිටෙන්ද කොහෙද අවුලක් නැතුව
වැඩේ සමතයකට පත් වුනා.
මේ අලකලංචි ඔක්කොම මැද්දෙ දේශපාලකයෝ, ක්‍රීඩකයෝ, නළු නිළියෝ,
කොරියානු ජාතිකයෝ, ලෝක ප්‍රසිද්ධ ගායකයෝ ආදී නොයෙක් ක්ෂේත්‍ර වල
දිදුලන චරිත සමග සම්මුඛ සාකච්චා වලදි ඇසුරු කරන්නත්
තරඟකරුවන්ට අවස්ථාව ලැබුනා. විනෝදය පිරුනු පලමු දවසේ
විද්වත් විනිශ්චය මණ්ඩලය සුපිරිම නිවේදකයන් ප්‍රකාශයට පත්
කලේ රස මුසු පුවත් , කතන්දර රැසක් ඉදිරිපත් කරමින්.
දෙවැනි දවසෙත් මුල් දවසෙ වගේම ඉංග්‍රීසි, දමිළ භාෂාවල
නිවේදකයන් ඇගයීමට ලක් කලා. එදා වගේ ම අලකලංචි නම් ගොඩක් සිද්ද
වුනා. මාර හදිස්සියෙන් නිවේදනය කරපු සමහර නංගිල පණ එපා
කියාගෙන මයික් එක බිමින් ම තියලා ගියා. හැබැයි නංගියෙ ඔච්චර කලබල
වෙලා වැඩ කරන එක නම් ඉස්සරහට ගොඩක් ප්‍රශ්ණ ඇති කරන දෙයක්
වෙයි.
එදත් සුප්‍රකට චිත්‍රපට චරිත, නළු නිළියන්, ක්‍රීඩකයන් ආදී
චරිත සම්මුඛ සකච්ඡා කිරීමට නංගිලාටයි මල්ලිලාටයි අවස්ථාව
ලැබුනා. සුදුවට ආව සමහර නංගිලා ඉන්ටෙර්වීව් එකේදි රතු වුනා.
ඒ ආපු සමහර චරිත වලට ආදරේ වැඩි කමට, කතා කරන දේ
අමතක වුන නිවේදිකාවොත් අපිට හම්බ වුනා. සමහරුන්ට වැසිකිලි
භාවිතා කරන හැටි ගැන හදාරන්නත් අවස්ථාව ලැබුනා. කොහොම හරි ඒ
අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කට්ටිය හොඳට තරඟ කරලා
ජයග්‍රහණය කලා.
මේ විදිහට ඉඳුවරෙහි 'සංහිඳ' නිමාව දුටුවා. ඒත් එක්කම අවුරුදු
නිවාඩුවත් අත ලඟටම ඇවිත්. ආයෙත් faculty එක ඉඳුවර සුවඳින්
දිදුලන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ.
අලුත් බලාපොරොත්තු, අලුත් අදහස් රොත්තක් එක්ක ආයෙත් හම්බ වෙන
තුරු ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
-සිනා-
පසුගිය දෙවැනිදා කෙටිකතා තරඟයත් තුන්වැනිදා ගී පබැඳුම් තරඟයත් හතරවැනිදා දැනුම මිනුම තරඟයත් ආදී වශයෙන් තවත් තරඟ තුනක් මේ විදිහට දින තුනකදී අවසන් උණා. මේ තරඟ අපි හැඳින්වුයේ 'පන්හිඳ, කවිදහර හා විදුණ' යනාදී වශයෙන්. eleven එකේ නංගිලා මල්ලිලාගෙ දස්කම් මේ තරඟ වලදිත් හොඳින් දකින්න ලැබුණා. අද පැවැත්වුණු සිංහල ගායනා දෙවන තරඟ වටයෙදිත් අපේ විනිශ්චය මණ්ඩලයට අවසාන දසදෙනා තෝරන්න බොහොම අමාරු වුණු බවකුයි පේන්න තිබුණෙ.
ඒ කොහොම උණත් eleven එකේ ඉන්නෙ හොඳට ම ආදරේ නිසා බැටකාපු කට්ටියක් බවයි කෙටි කතා තරඟයෙනුත් ගී පබැඳුම් තරඟයෙනුත් ලැබුණු නිර්මාණ වලින් නම් පේන්න නම් තිබුණෙ . කෙටි කතා තරඟෙට ලැබුණෙ 'බලාපොරොත්තුව 'කියන මාතෘකාව. ගී පබැඳුම් තරඟෙට ලැබුණෙ ' ක්ෂිතිජයෙන් එහා' කියන මාතෘකාව.
ලස්සන වැඩේ කියන්නෙ නංගිලා මල්ලිලාගෙ නිර්මාණ වල මේ මාතෘකා දෙකම අන්තිමට කේන්ද්‍ර කරලා තිබුණෙ 'විරහව' කියන සංසිද්ධියට. ඇත්තම කිව්වොත් 'විරහ වේදනාවට'. සරසවි දිවියට කෝඩුකාරයන් වෙන්නත් කලින් ම කට්ටිය ආදර දිවියට කෝඩුකාරයන් වෙන්න ගිහින්ද මන්දා. ඒ ගිහිනුත් කට්ටිය වැඩේ නාගෙන වගෙයි පේන්නෙ.දැන් ඉතින් අතීතෙ ගැන හිත හිතා දුක් වෙලා වැඩක් නෑනෙ නේද? අපි මෙහෙන්වත් හරි විදිහකට ගොඩයන්න බලමු.
දැනුම මිනුම තරඟෙදිනම් හැබෑම උණුසුමක් දකින්න ලැබුණා. අන්තිමටම සමලකුණු නිසා තරඟ වට හතරක් වෙනම ම පවත්වන්නත් සිද්ධ වුණා. මේ අස්සෙ ඉතින් ඕස්ට්‍රේලියාවෙ ජාතික පුෂ්පය විදිහට 'කෙහෙල්මල්' පිපෙනවා දැකපු අය, යුද්ධ දිනන්න අයියනායක දෙවියන්ට බාර වුණු අය වගේ ම හරි අපූරුවට තියෙන ජපන් රටේ අගමැති විදිහට චංගුමීව පත් කරපු අයත් හිටියා.
ජපන් රටට අයියනායක දෙවියන්ගේම පිහිටයි !
-මීදුම-
ඉඳුවර ගැන මුලු faculty එකම එක එක විදිහට කතා කරද්දි, JTS 1st round එකේ දෙවෙනි දවස පවත්වන්න සියල්ල සුදානම් උනා. හැමදාම වගේ වෙලාවට කට්ටියම main hall එකට ඇවිත් හිටියේ “අද මොනවා වෙයිද?” කියන කුතුහලයත් එක්ක.
ඒ කුතුහලය කෙසේ වෙතත් අද දවසේ eleven එකේ මල්ලිලා නංගිලා කලින් දවසට වඩා ගොඩාක් දක්ෂතා පෙන්නුවද කියලත් වෙලාවකට හිතෙනවා. හැම භාෂාවෙම වගෙ අලුත් හඬවල් ගොඩාක් අද දවසෙ ඉඳුවර වේදිකාවට ගොඩ උනා.
දක්ෂතා ගැන කියද්දි සින්දු කියන එක ගැන විතරක් කියලා කොහොමද?
කාවඩි නටන්න, බෝට්‍ටු පදින්න, ලී කෙළි නටන්නත් eleven එකේ මල්ලිලා නංගිලා ගොඩක් දක්ෂයි කියලා අද මනාව ඔප්පු උනා. ආහ් ඒ විතරක්ද? තනි අතින් අප්පුඩි ගහන්න පුළුවන් වගේම තැපෑලෙන් ඩිප්ලෝමා තියෙන අයත් eleven බැච් එකට ඇවිත් ඉන්නවනේ. හැබැයි මලයෝ හැමදාමත් තනි අතින් අප්පුඩි ගහන්න හිතන් හිටියොත් ඉතින් …………….. අනේ මන්දා.
පොඩි උන් ටික 'පොල්' සම්බන්ධව නම් අතිශය විශේශඥයෝ වගේ. පොල් ගස් නග්ගවන්න, පොල් කඩපු මිනිහා බහින්නත් කළින් පොල් එකතු කරන්න, ආදී වශයෙන් පොල් ගැන නම් මාර දැනුමක් තියෙනෙ බව පෙනුනා. ආහ් ඒ විතරක්ද හොඳට 'හෝදලා' හිරමණේ අරන් පොල් ගාල ඒක 'ආයෙත් හෝදලා' සම්බෝල හදපු නංගිලත් eleven එකේ ඉන්නවනේ. ඔක්කොම හෝදල සම්බෝලෙ හැදුවත් එකෙ ලුණු එහෙම තිබුනෙ නෑ හැබැයි.
අනේ ඉතින් ඒ ලුණු නැති සම්බෝල කන්න බලන් ඉන්න අයට මොනවා හෝදන්න වෙයිද දන්නෙ නෑ..
මේ ඔක්කොම අස්සේ 'දහයේ' අයියලා එක්ක බැඩ්මින්ටන් ගහපු නංගිලා ගැනත් විස්තර අපි දැන ගත්තේ අදනේ…
මේ ඔක්කොම සොඳුරු මතකයන් එක්ක JTS 1st round එක අද නිමාව දුටුවා. අලුත් දක්ෂයෝ ගොඩාක් මේ දවස් දෙකේදි අපිට හම්බ උනා. ඒ අයගේ තවත් දක්ෂතා ඉස්සරහට බලන්න පුලුවන්වේවි.
මේ විදිහට ඇරඹුණු 'සියක් සිත් පැහැ දුලන මිතුරු මකරන්දයේ සුවඳ' තව ටික කාලයක් අපේ වෙද පියස එළිය කරාවි. ඒ එළියෙන් අපි ජීවිත වලට අලුත් මතකයන් ගොඩාක් එකතු වේවි. ඒ ඔක්කොමත් එක්ක ඉඳුවර 2013 තවත් රසවත් වෙවී ඉදිරියට ගලාවි. ඒ ඉඳුවරෙන් ඉදිරි කාලයත් වින්දනීයව ගෙවන්න ඔයාල හැමෝම ආසාවෙන් බලන් ඉදීවි.
-සිනා-
ඕන්න ඉතින් කිව්වත් වගේම freshers අංගයන් එකිනෙක කල එළි බහින්න පටන් ගත්තා. අද තමයි freshers එකේ පලමුවෙනි අංගය, ඒ කියන්නෙ JTS එකේ පලමු අදියර පැවැත් වුණේ.
Lectures එහෙම ඉවර වෙලා පච ගහ යට ගැහි ගැහී ඔන්න ටික වෙලාවක් හිටියා. ඊට පස්සෙ main hall එන්න කිව්වම කුතුහලය තවත් වැඩි උණා. ඔන්න ටිකෙන් ටික hall එකට එනකොට වෙනදට නැති ලස්සනක් සුන්දරත්වයක් දකින්න ලැබෙන්නැති.
ඔන්න ඊටත් පස්සෙ 'ඉඳුවර' පටන් ගත්තම මෙතෙක් කල් නංගිලා මල්ලිලාගෙ හිත් ඇතුලෙ කැකෑරෙමින් තිබුණු කුතුහලේට, සැකේට, බයට ඉතාම ලස්සන උත්තරයක් ලැබෙන්න ඇති.
ඔව් නංගියේ මල්ලියේ 'දහයෙ' අපි ඔයාලට මේ දිගු කරන්නේ මිතුරුකමේ සෙනෙහෙවන්ත දෑත්. සහෝදරකමින් ලබැඳියාවෙන් සපිරුණු ශක්තිමත් eleven එකක් තමයි අපේ බලාපොරොත්තුව.
ඉතින් අද තිබුණු JTS එක ඒ කියන්නෙ ගීත තරඟය අපි කිවුවා වගේම සමහරු පැල් කවි තරඟයක් කරද්දි තවත් අය ඇවිත් ඒක රඟ මඬලක් කලා.
හන්තානට පායන සඳ දිහා සමහරු මෙහෙ ඉඳන් කුඩේ යටින් බැලුවා
තවත් අය බෝනික්කො කියලා වතුර බෝතල් නැලෙව්වා
තවත් සමහරු මෙලෝ වැස්සක් නැතිව කුඩ ඉහලං හිටියා. ආ...එයාලා හිටියා විතරක් නෙවේ නැටුවා.
මේ අස්සෙ තවත් අය උඩරට පහතරට නටලා නැටිල්ල වැඩිකමටම රූකඩත් නටලා අන්තිමට ඔලුබක්කොත් නටලයි 'ලංකාවෙ' තිබුණු 'ගෙදරට' ගියේ.ගෙදර එයාගෙම ද දන්නෙත් නෑ, ගියේ පාරදිගේ ද දන්නෙත් නෑ. මොකද ඒක කියන්න 'නැට්‍ටුවට' බැරි උනා. නැටිල්ල වැඩිකමනේ ඉතින් .
-මීදුම-
ඕන්න කවුරු කවුරුත් මග බලන් හිටපු ඉඳුවර කල එළි බහින්නයි යන්නේ.
මැදින්මහේ විසිහත් වන බදාදා දින ඇරඹෙන මේ මිතුරු මංගල්ල්‍යය පුරාසති කිහිපයක් පුරාවට දිග හැරෙනවා.
මේ කාලවකවානුවේ අපේ eleven බැච් එකේ ඉන්න නංගිලා මල්ලිලාට තම තමං තුල හැංගිලා තියෙන දක්ෂතා අඳුනගන්න වගේම තම තමංගෙ ජීවිත් වලට අලුත්ම අරුතක් ලබාගන්නත් පුළුවන්
ඉතින් හැමදාමත් වගේ මේ පාරත් අපි freshers පටන් ගන්නේ JTS එකෙන්.
ඇත්තටම මොකද්ද මේ ????????
ඒ තමා 'Junior talent show'
මේක තමා කවි සින්දු වෙන,
සින්දු ගීත වෙන හැන්දෑව...!
ඔය අතරේ සමහරු කාවඩි නටනවා. තවත් අයට මීමැස්මොරේ හැදිලා යතුරු නැතුවට ටැප් අල්ලන් නටනවා. ඔය අස්සෙ තවත් අය බෝට්‍ටුත් පැද්දා.
මේ ඔක්කොම බලන් හිටපු එක්කෙනෙක් ගිහින් වෙනසකටත් එක්ක ඉඳගෙනත් හිටියා.
මෙහෙම බලාගෙන යද්දි මේක ගායනා තරඟයක්දෝ කියලත් හිතෙනවා.
කොහොම කොහොම හරි ඔන්න ඔහොමයි ගායනා තරඟේ වැඩකටයුතු සිද්ද වෙන්නේ.
මාර්තු මාසයේ විසිහත් වෙනිදයින් ඇරඹෙන eleven එකේ JTS එකේ පලමු වටය අදියර තුනක් යටතේ පැවැත්වෙනවා.පලවෙනි අදියර විසි හත් වෙනිදාත් දෙවෙනි අදියර විසි අටවෙනිදාත් තුන්වැනි අදියර අප්‍රේල් මාසයේ පලමුවැනිදාත් පැවැත්වෙනවා.
මූලික වටයෙන් සුදුසුකම් ලබන නංගිලා මල්ලිලාට දෙවන වටයේ තරඟ වලට ඇතුළු වෙන්න පුළුවන්.
හැමදාම lectures ඉවර වෙලා main hall එකේ පැවැත්වෙන මේ තරඟ වලදී අපි බලමු eleven එකි නංගිලා මල්ලිලාගෙ දක්ෂකම් වගේම රඟපෑම්.
-මීදුම-