Monday, March 25, 2013
J T S
ඕන්න කවුරු කවුරුත් මග බලන් හිටපු ඉඳුවර කල එළි බහින්නයි යන්නේ.
මැදින්මහේ විසිහත් වන බදාදා දින ඇරඹෙන මේ මිතුරු මංගල්ල්‍යය පුරාසති කිහිපයක් පුරාවට දිග හැරෙනවා.
මේ කාලවකවානුවේ අපේ eleven බැච් එකේ ඉන්න නංගිලා මල්ලිලාට තම තමං තුල හැංගිලා තියෙන දක්ෂතා අඳුනගන්න වගේම තම තමංගෙ ජීවිත් වලට අලුත්ම අරුතක් ලබාගන්නත් පුළුවන්
ඉතින් හැමදාමත් වගේ මේ පාරත් අපි freshers පටන් ගන්නේ JTS එකෙන්.
ඇත්තටම මොකද්ද මේ ????????
ඒ තමා 'Junior talent show'
මේක තමා කවි සින්දු වෙන,
සින්දු ගීත වෙන හැන්දෑව...!
ඔය අතරේ සමහරු කාවඩි නටනවා. තවත් අයට මීමැස්මොරේ හැදිලා යතුරු නැතුවට ටැප් අල්ලන් නටනවා. ඔය අස්සෙ තවත් අය බෝට්ටුත් පැද්දා.
මේ ඔක්කොම බලන් හිටපු එක්කෙනෙක් ගිහින් වෙනසකටත් එක්ක ඉඳගෙනත් හිටියා.
මෙහෙම බලාගෙන යද්දි මේක ගායනා තරඟයක්දෝ කියලත් හිතෙනවා.
කොහොම කොහොම හරි ඔන්න ඔහොමයි ගායනා තරඟේ වැඩකටයුතු සිද්ද වෙන්නේ.
මාර්තු මාසයේ විසිහත් වෙනිදයින් ඇරඹෙන eleven එකේ JTS එකේ පලමු වටය අදියර තුනක් යටතේ පැවැත්වෙනවා.පලවෙනි අදියර විසි හත් වෙනිදාත් දෙවෙනි අදියර විසි අටවෙනිදාත් තුන්වැනි අදියර අප්‍රේල් මාසයේ පලමුවැනිදාත් පැවැත්වෙනවා.
මූලික වටයෙන් සුදුසුකම් ලබන නංගිලා මල්ලිලාට දෙවන වටයේ තරඟ වලට ඇතුළු වෙන්න පුළුවන්.
හැමදාම lectures ඉවර වෙලා main hall එකේ පැවැත්වෙන මේ තරඟ වලදී අපි බලමු eleven එකි නංගිලා මල්ලිලාගෙ දක්ෂකම් වගේම රඟපෑම්.
-මීදුම-
Labels:
Junior talent show
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment