Friday, March 15, 2013

ඇරඹුනා...!



2011 වසරේ විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා, උසස් ම ප්‍රතිඵල ලබාගත්තු අපේම නංගිලා මල්ලිලා ඕන්න හා හා පුරා කියලා සරසවි දිවියේ මුල්ගල් තියන්න කොළඹ වෙද පියසට ඇවිත්. අලුතෙන් ආපු මේ නැවට, ඒ කියන්නෙ 2011 බැච් එකට  අපි කියන්නෙ elevenඑක කියලා. සරසවි දිවියට කිරි කෝඩු උනු මෙයාලට ඒ දිවිය හඳුන්වලා දෙන්නෙ අපි.

අපි තමා 'ten'එක. කවුරුත් අපිට කියන්නෙ 'දහය' කියලා. 

freshersලට කොළඹ වෙද පියසේ තියෙන සංස්කෘතිය, ළබැඳියාව, සුන්දරබව හඳුන්වලා දෙන freshers කාලෙ තමා ඉස්සරහට මේ එන්නෙ.අපේ වෙද පියසේ කවුරු කවුරුත් ආසාවෙන් බලන් ඉන්න, කවුරු කවුරුත් සහභාගී වෙන මේ freshers කාලෙ තමා අලුතෙන් ආපු නංගිලා මල්ලිලා අයියලා අක්කලා අඳුනගන්නවා වගේම තමතමන් තුල හැංගිලා තියෙන දක්ෂතාත්  අඳුනගන්නෙ. ඒක ඇත්තටම freshersලට මෞලි මංගල්ලයක්. 

බොහොමයක් දෙනා, අම්මගෙන් අප්පච්චිගෙන් පලවෙනි වතාවට තමයි මේ විදිහට ඈත් වෙලා, අමුතුම පරිසරේක කාලෙ ගත කරන්නේ.මෙන්න මේ විදිහට බයෙන් සැකෙන්  අමුතුම වටපිටාවක කාලෙ ගත කරපු නංගිලා මල්ලිලාට ටිකෙන් ටික ඒ බය ඈත් කරලා 'අමුතු පරිසරේ' තමන්ගෙ ම නිවහනබවට පත් කරගන්න, සරසවි දිවියේ සුන්දර තැන් අත්විඳින්න freshers එක අලුත් ම ලස්සන අත්දැකීමක්.

අන්න ඒ freshers එක බොහොම සුන්දර දෙයක් බවට පත්කරන්න මේ දවස්වල 'දහයෙ අපි' ගොඩක් වැඩ කරනවා. සිනාහඬින්,විහිලුතහලුවෙන් පිරුණු අපේ මේ වැඩවල ලොකුම ඉලක්කය තමයි freshers එක අපේ නංගිලා මල්ලිලාගෙ වගේම දහයෙ අපෙත් කවදාවත් ම අමතක නොවෙන, ජීවිතයේ සුන්දර මතකයක් බවට පත් කරන එක. ඉතින්,

'නැහැවෙන්නට අවසරයි සියක් සිත් පැහැ දුලන මිතුරුමල් මකරන්දයෙන්'    
                                                                                                      -මීදුම-

4 comments: