Monday, May 6, 2013

ඉඳුවර


උදා හිරු ‍රැස් විසිරෙන
නීල පිණිදිය කැට මත
දඟකරන ‍රැළි නගා
මල් තුහින විසිරුවා
නගන හසකැන් සරින්
පැහැදුලන සියක් සිත්
මිතුරුදමේ මකරන්දයට
සුවඳ දී සුපිපෙන්න...

ඉතින් එදා ඒ විදිහට ආරම්භ වුණු අපේ 'ඉඳුවර' ආනන්ද කුලරත්න ශාලාවේදී පසුගිය මැයි පස් වන ඉරු දින, මිතුරුදමේ සුවඳ දසත පතුරුවාලමින් සුපිපුණා. 

මෙතෙක් කල් තමන්ගෙම බැච් එකේ අයගෙ දක්ෂතා නරඹපු eleven එකේ නංගිලා මල්ලිලාට එදා 'දහයේ' අපේ අයියලා අක්කලාගෙ දක්ෂතා බොහොම අපූරුවට නරඹන්නට රසවිඳින්නට ලැබුණා. ගීත, නාට්‍ය, නර්තන, වාදන යන අංග බොහොමයකින් 'දහයේ' අපේ අය දක්ෂතා එළිදැක්වුවා. සිංහල වගේම , දමිළ , හින්දි , ඉංග්‍රීසි  භූතාන් භාෂාවලිනුත් අංග ඉදිරිපත් වුණේ මනාව සමබර අංග පෙළක් ප්‍රේක්ෂක සහෝදර සහෝදරියන්ට ලබාදෙමින්.

නංගිලා මල්ලිලා මෙතෙක් කල් එළිදක්වපු දක්ෂතා මෙහිදී ඇගයීමට ලක් වුණේ සහතිකපත් ප්‍රදානය මගින් පමණක් නෙවෙයි. එයාලටත් තම තමන්ගේ දක්ෂතා වලට වේදිකාවේ තැනක් ලබාදෙමින්. 

'දහයේ' අපේම සහෝදර සහෝදරියන්ගේ සමගිය, ඉවසීම, කැපකිරීම් හමුවේ අවසානයේදී උත්කෘෂ්ඨ විදිහට නිමාවුණු 'ඉඳුවර' පීඨාධීපතිතුමන් වගේම, ඒ සුන්දර අවස්ථාවට සහභාගී වුණු අපේම ආචාර්ය මහාචාර්යවරුන්ගේත් ඉමහත් පැසසුමට ලක් වුණා. කොළඹ වෙද පියසේ ඉතිහාසයට කිසිදා නොමියෙන සුන්දර මතක ගොන්නක් එක් කරපු අපේ 'ඉඳුවර' eleven එකේ නංගිලා මල්ලිලාගෙ හිත් කොනක තැම්පත් වුණු ආදරණීය මතකයක් වුණා නම් ඒක තමා 'දහයෙ' අපේ ජයග්‍රහණය.

දිවි අරුණැල්ලේ හසකැන් ‍රැඳුණු දනව්වේ
මඳ නල‍රැල්ලේ ‍රැඳි සිතුම් සුවඳ හද මුසුවේ
පිබිදෙන්නේ හස‍රැල්ලයි සොයුරුදමේ
විහිදෙන්නේ සඳ කිරණයි මිතුරු පෙමේ

කඳුළු තිමිර පට බිඳදා - පැතුම් මිහිර සිත රඳනා
රඟදෙයි බබළයි - තරුකැන් දිදුළ එළි පරදා

නිසසල විල් තෙරේ - මල් මුවරද විසිරෙන්නේ
පිවිතුරු හද විලේ - නිල් 'ඉඳුවර' සුපිපෙන්නේ

බිඟුකැන් ගුමු ගුමු නදිනා - පැහැදුල් ඉඳුවර පිපෙනා
සුවඳයි සොඳුරුයි - අප සිත් සැම එක ලෙසිනා

Halcyon springs of friendship
Chimerical blossoms of love & warmth
Bloom in our welcoming hearts
For you... Just for you... !


                                                                                -මීදුම-

Friday, April 26, 2013

Junior talent show



J.T.S එක පසුගිය පොහෝ දින පැවැත්වුණා.සිංහල අංශයෙන් පහළොස් දෙනෙක්,හින්දි සහ ඉංග්‍රීසි අංශයෙන් දහදෙනා බැගින්,දමිළ අංශයෙන් අට දෙනෙකුත් ගීත ගායනා කළා.චකිතයකින් තොරව 'චකිතය' කියපු අය,අලුත් සින්දු කියන්න ගිහින් නා ගත්තු අය,සින්දු අස්සෙ කාවඩි නටපු අය වගේම 'මයියා මයියා' කියල වේදිකාව දෙදරවපු අයත් හිටියා.
මුල් වටය ඉවර වෙලා දෙවන වටයක් තිබ්බේ සිංහල අංශයෙ විතරයි.
ඔය දෙවනි වටයෙදි තමයි කැමීලියා මල් සුවද ඔස්සේ සිත සැනසුම හොයාගෙන යන්න පොඩි එව්වෝ වෙර දරුවේ.ඔන්න 'කුන්දත් තරිකිට' කියල අලුත් බාසාවකුත් දනගත්තෙ නෑතෑ.
මොනවා උනත් අපේ පොඩි එවුන්ගෙ දස්සකම නම් පට්ට කියල අපට තේරුණා.ඒ වෙනුවෙන් පුංචි තෑග්ගක් දෙන්න ලෑස්ති කරගෙන යනව කියල අරංචියකුක් තියනවා.''සින්දු කියන්න කොච්චර නොහැකියාව තිබුනත් සහභාගීත්වය අපි අගය කරනව'' ඒ ජනනාත් සර්ගෙ අදහස්.එදා දවසෙ තරගය සාර්ථක කරගන්න සීනියර් අයියල අක්කලගෙන් ලැබුනෙ අපූරු සහයෝගයක්.එදා නංගිලා මල්ලිලා ගොඩාක් සතුටු වුණු බව නම් පෙනුණා.ඉඳුවර අපේ බලාපොරොත්තුවත් එයයි.අපේ නංගිලා මල්ලිලා පිලිගන්න අපි දරන මහන්සියේ සෑබෑ ප්‍රතිඵලයක් තියන බව අපිට එදා ඒ මූණු වලින් පෙනුණා වචන වලින් ඇහුනා වගේ ම හදවතින් දෑනුණා.
එදා දිනපු සන්දීප,ලහිරු මල්ලිලාටත්,ආරභී,කවිශන්ගරී නන්ගිලාටත් සුභ පතමින් නිමාව සටහන් කරන්නේ අභිමානවත් 'දහයේ' සමාජිකයෙක් වීම පිළිබදව හදපතුලෙන්ම සතුටුවෙන ගමන්.
                                                -පියවි-


Thursday, April 11, 2013

සංහිඳ


ඉඳුවර 2013 මිතුරු මකරන්දයේ, දක්ෂතාවලින් පිරුණු අලුත් මෙඩ්ඩෝ සොයන් යන ගමනේ eleven එකේ  නංගිලා මල්ලිලාගෙ නිවේදන තරඟය, සිංහල භාෂාවෙන්
පලමු දවසෙත්, ඉංග්‍රීසි හා දමිළ භාෂා වලින් දෙවන දවසෙත් පැවැත්වුනා.

හැමදාම වගේ මෙදා පාරත් දක්ෂයෝ ගොඩාක් 'ඉඳුවර' වේදිකාවෙන් faculty
එකට තිලිණ වුනා.දක්ෂයි දක්ෂයි කිව්වට මොකෝ කට්ටිය තරඟ කරද්දි
හොඳට නාගන්නත් අමතක කලේ නෑ. වේදිකාව කොච්චර උණුසුම්ද කිව්වොත්
අපේ රටේ අගමැතිතුමාගෙ නම පවා සමහර නංගිලට අමතක වුනා.
අමතක වුනා කිව්වට මොකෝ ඇත්තටම දන්නවද කියලත් ෂුවර් නෑ.
ඇයි ඒ විතරක්ද? පාපැදි තරඟයේ ඉදිරියෙන් ම දුවන තරඟ කරුවොත්
සමහර නිවේදක නිවේදිකාවො දැකල තිබුනනෙ.ආ….. අන්ජනං බලලා
තරඟකරුට තුවාල වෙච්චි බව නිවේදනය කරන්නත් මෙ කට්ටිය හුඟාක් දක්ෂයි.
කොච්චර කලබල වුනාද කිව්වොත් සමහර නංගිලා projector එක පවා
පොලොවේ ගැහුවා.අපේ  ඇ‍ඟේ ලේ වතුර වෙලා තිබුනත්, දහයට වටෙන් පිටෙන්
ලැබුන සප් එක නම් මාරයි. ඒ සප් එකේ පිහිටෙන්ද කොහෙද අවුලක් නැතුව
වැඩේ සමතයකට පත් වුනා.
මේ අලකලංචි ඔක්කොම මැද්දෙ දේශපාලකයෝ, ක්‍රීඩකයෝ, නළු නිළියෝ,
කොරියානු ජාතිකයෝ, ලෝක ප්‍රසිද්ධ ගායකයෝ ආදී නොයෙක් ක්ෂේත්‍ර වල
දිදුලන චරිත සමග සම්මුඛ සාකච්චා වලදි ඇසුරු කරන්නත්
තරඟකරුවන්ට අවස්ථාව ලැබුනා. විනෝදය පිරුනු පලමු දවසේ
විද්වත් විනිශ්චය මණ්ඩලය සුපිරිම නිවේදකයන් ප්‍රකාශයට පත්
කලේ රස මුසු පුවත් , කතන්දර ‍රැසක් ඉදිරිපත් කරමින්.

දෙවැනි දවසෙත් මුල් දවසෙ වගේම ඉංග්‍රීසි, දමිළ භාෂාවල
නිවේදකයන් ඇගයීමට ලක් කලා. එදා වගේ ම අලකලංචි නම් ගොඩක් සිද්ද
වුනා. මාර හදිස්සියෙන් නිවේදනය කරපු සමහර නංගිල පණ එපා
කියාගෙන මයික් එක බිමින් ම තියලා ගියා. හැබැයි නංගියෙ ඔච්චර කලබල
වෙලා වැඩ කරන එක නම් ඉස්සරහට ගොඩක් ප්‍රශ්ණ ඇති කරන දෙයක්
වෙයි.
එදත් සුප්‍රකට චිත්‍රපට චරිත, නළු නිළියන්, ක්‍රීඩකයන් ආදී
චරිත සම්මුඛ සකච්ඡා කිරීමට නංගිලාටයි මල්ලිලාටයි අවස්ථාව
ලැබුනා. සුදුවට ආව සමහර නංගිලා ඉන්ටෙර්වීව් එකේදි රතු වුනා.
ඒ ආපු සමහර චරිත වලට ආදරේ වැඩි කමට, කතා කරන දේ
අමතක වුන නිවේදිකාවොත් අපිට හම්බ වුනා. සමහරුන්ට වැසිකිලි
භාවිතා කරන හැටි ගැන හදාරන්නත් අවස්ථාව ලැබුනා. කොහොම හරි ඒ
අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කට්ටිය හොඳට තරඟ කරලා
ජයග්‍රහණය කලා.
මේ විදිහට ඉඳුවරෙහි 'සංහිඳ' නිමාව දු‍ටුවා. ඒත් එක්කම අවුරුදු
නිවාඩුවත් අත ලඟටම ඇවිත්. ආයෙත් faculty එක ඉඳුවර සුවඳින්
දිදුලන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ.
අලුත් බලාපොරොත්තු, අලුත් අදහස් රොත්තක් එක්ක ආයෙත් හම්බ වෙන
තුරු ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
                                                                                 -සිනා-

Friday, April 5, 2013

පන්හිඳ, කවිදහර, විදුණ


පසුගිය දෙවැනිදා කෙටිකතා  තරඟයත් තුන්වැනිදා  ගී පබැඳුම් තරඟයත් හතරවැනිදා දැනුම මිනුම තරඟයත් ආදී වශයෙන් තවත් තරඟ තුනක් මේ විදිහට දින තුනකදී  අවසන් උණා. මේ තරඟ අපි හැඳින්වුයේ 'පන්හිඳ, කවිදහර හා විදුණ' යනාදී වශයෙන්. eleven එකේ නංගිලා මල්ලිලාගෙ දස්කම් මේ තරඟ වලදිත් හොඳින් දකින්න ලැබුණා. අද පැවැත්වුණු සිංහල ගායනා දෙවන තරඟ වටයෙදිත් අපේ විනිශ්චය මණ්ඩලයට අවසාන දසදෙනා ‍තෝරන්න බොහොම අමාරු වුණු බවකුයි පේන්න තිබුණෙ.

ඒ කොහොම උණත් eleven එකේ ඉන්නෙ හොඳට ම ආදරේ නිසා බැටකාපු කට්ටියක් බවයි කෙටි කතා තරඟයෙනුත් ගී පබැඳුම් තරඟයෙනුත් ලැබුණු නිර්මාණ වලින් නම් පේන්න නම් තිබුණෙ . කෙටි කතා තර‍ඟෙට ලැබුණෙ 'බලාපොරොත්තුව 'කියන මාතෘකාව. ගී පබැඳුම් තර‍ඟෙට ලැබුණෙ ' ක්ෂිතිජයෙන් එහා' කියන මාතෘකාව.
ලස්සන වැඩේ කියන්නෙ නංගිලා මල්ලිලාගෙ නිර්මාණ වල මේ මාතෘකා දෙකම අන්තිමට කේන්ද්‍ර කරලා තිබුණෙ 'විරහව' කියන සංසිද්ධියට. ඇත්තම කිව්වොත් 'විරහ වේදනාවට'. සරසවි දිවියට කෝඩුකාරයන් වෙන්නත් කලින් ම කට්ටිය ආදර දිවියට කෝඩුකාරයන් වෙන්න ගිහින්ද මන්දා. ඒ ගිහිනුත් කට්ටිය වැඩේ නාගෙන වගෙයි පේන්නෙ.දැන් ඉතින් අතීතෙ ගැන හිත හිතා දුක් වෙලා වැඩක් නෑනෙ නේද? අපි මෙහෙන්වත් හරි විදිහකට ගොඩයන්න බලමු.

දැනුම මිනුම තර‍ඟෙදිනම් හැබෑම උණුසුමක් දකින්න ලැබුණා. අන්තිමටම සමලකුණු නිසා තරඟ වට හතරක් වෙනම ම පවත්වන්නත් සිද්ධ වුණා. මේ අස්සෙ ඉතින් ඕස්ට්‍රේලියාවෙ ජාතික පුෂ්පය විදිහට 'කෙහෙල්මල්' පිපෙනවා දැකපු අය, යුද්ධ දිනන්න අයියනායක දෙවියන්ට බාර වුණු  අය වගේ ම  හරි අපූරුවට තියෙන ජපන් රටේ අගමැති විදිහට චංගුමීව පත් කරපු අයත් හිටියා. 

ජපන් රටට අයියනායක දෙවියන්ගේම පිහිටයි !
                                
                                                                                     -මීදුම-

                                                                                                             
                                                                                                                            

Thursday, March 28, 2013

දෙවැනි දවස


ඉඳුවර ගැන මුලු faculty එකම එක එක විදිහට කතා කරද්දි, JTS 1st round එකේ දෙවෙනි දවස පවත්වන්න සියල්ල සුදානම් උනා. හැමදාම වගේ වෙලාවට කට්ටියම main  hall එකට ඇවිත් හිටියේ “අද මොනවා වෙයිද?” කියන කුතුහලයත් එක්ක.

ඒ කුතුහලය කෙසේ වෙතත් අද දවසේ eleven එකේ මල්ලිලා නංගිලා කලින් දවසට වඩා ගොඩාක් දක්ෂතා පෙන්නුවද කියලත් වෙලාවකට හිතෙනවා. හැම භාෂාවෙම වගෙ අලුත් හඬවල් ගොඩාක් අද දවසෙ ඉඳුවර වේදිකාවට ගොඩ උනා.

දක්ෂතා ගැන කියද්දි සින්දු කියන එක ගැන විතරක් කියලා කොහොමද? 
කාවඩි නටන්න, බෝට්‍ටු පදින්න, ලී කෙළි නටන්ත් eleven එකේ මල්ලිලා නංගිලා ගොඩක් දක්ෂයි කියලා අද මනාව ඔප්පු උනා. ආහ් ඒ විතරක්ද? තනි අතින් අප්පුඩි ගහන්න පුළුවන් වගේම තැපෑලෙන් ඩිප්ලෝමා තියෙන අයත් eleven බැච් එකට ඇවිත් ඉන්නවනේ. හැබැයි මලයෝ හැමදාමත් තනි අතින් අප්පුඩි ගහන්න හිතන් හිටියොත් ඉතින් …………….. අනේ මන්දා.

පොඩි උන් ටික 'පොල්' සම්බන්ධව නම් අතිශය විශේශඥයෝ වගේ. පොල් ගස් නග්ගවන්න, පොල් කඩපු මිනිහා බහින්නත් කළින් පොල් එකතු කරන්න, ආදී වශයෙන් පොල් ගැන නම් මාර දැනුමක් තියෙනෙ බව පෙනුනා. ආහ් ඒ විතරක්ද හොඳට 'හෝදලා' හිරමණේ අරන් පොල් ගාල ඒක 'ආයෙත් හෝදලා' සම්බෝල හදපු නංගිලත් eleven එකේ ඉන්නවනේ. ඔක්කොම හෝදල සම්බෝලෙ හැදුවත් එකෙ ලුණු එහෙම තිබුනෙ නෑ හැබැයි. 
අනේ ඉතින් ඒ ලුණු නැති සම්බෝල කන්න බලන් ඉන්න අයට මොනවා හෝදන්න වෙයිද දන්නෙ නෑ..
මේ ඔක්කොම අස්සේ 'දහයේ' අයියලා එක්ක බැඩ්මින්ටන් ගහපු නංගිලා ගැනත් විස්තර අපි දැන ගත්තේ අදනේ…
මේ ඔක්කොම සොඳුරු මතකයන් එක්ක JTS ‍ 1st round එක අද නිමාව දු‍ටුවා. අලුත් දක්ෂයෝ ගොඩාක් මේ දවස් දෙකේදි අපිට හම්බ උනා. ඒ අයගේ තවත් දක්ෂතා ඉස්සරහට බලන්න පුලුවන්වේවි. 
මේ විදිහට ඇරඹුණු 'සියක් සිත් පැහැ දුලන මිතුරු මකරන්දයේ සුවඳ' තව ටික කාලයක් අපේ වෙද පියස එළිය කරාවි. ඒ එළියෙන් අපි ජීවිත වලට අලුත් මතකයන් ගොඩාක් එකතු වේවි. ඒ ඔක්කොමත් එක්ක ඉඳුවර 2013 තවත් රසවත් වෙවී ඉදිරියට ගලාවි. ඒ ඉඳුවරෙන් ඉදිරි කාලයත් වින්දනීයව ගෙවන්න ඔයාල හැමෝම ආසාවෙන් බලන් ඉදීවි.
                                                                                      -සිනා-

Wednesday, March 27, 2013

පලමු දවස


ඕන්න ඉතින් කිව්වත් වගේම freshers අංගයන් එකිනෙක කල එළි බහින්න පටන් ගත්තා. අද තමයි freshers එකේ පලමුවෙනි අංගය, ඒ කියන්නෙ JTS එකේ පලමු අදියර පැවැත් වුණේ. 
Lectures එහෙම ඉවර වෙලා පච ගහ යට ගැහි ගැහී ඔන්න ටික වෙලාවක් හිටියා. ඊට පස්සෙ main hall එන්න කිව්වම කුතුහලය තවත් වැඩි උණා. ඔන්න ටිකෙන් ටික hall එකට එනකොට වෙනදට නැති ලස්සනක් සුන්දරත්වයක් දකින්න ලැබෙන්නැති. 

ඔන්න ඊටත් පස්සෙ 'ඉඳුවර' පටන් ගත්තම මෙතෙක් කල් නංගිලා මල්ලිලාගෙ හිත් ඇතුලෙ කැකෑරෙමින් තිබුණු කුතුහලේට, සැකේට, බයට ඉතාම ලස්සන උත්තරයක් ලැබෙන්න ඇති.

ඔව් නංගියේ මල්ලියේ 'දහයෙ' අපි ඔයාලට මේ දිගු කරන්නේ මිතුරුකමේ සෙනෙහෙවන්ත දෑත්. සහෝදරකමින් ලබැඳියාවෙන් සපිරුණු ශක්තිමත් eleven එකක් තමයි අපේ බලාපොරොත්තුව.

ඉතින් අද තිබුණු JTS එක ඒ කියන්නෙ ගීත තරඟය අපි කිවුවා වගේම සමහරු පැල් කවි තරඟයක් කරද්දි තවත් අය ඇවිත් ඒක රඟ මඬලක් කලා.
හන්තානට පායන සඳ දිහා සමහරු මෙහෙ ඉඳන් කුඩේ යටින් බැලුවා
තවත් අය බෝනික්කො කියලා වතුර බෝතල් නැලෙව්වා
තවත් සමහරු මෙලෝ වැස්සක් නැතිව කුඩ ඉහලං හිටියා. ආ...එයාලා හිටියා විතරක් නෙවේ නැ‍ටුවා.
මේ අස්සෙ තවත් අය උඩරට පහතරට නටලා නැටිල්ල වැඩිකමටම රූකඩත් නටලා අන්තිමට ඔලුබක්කොත් නටලයි  'ලංකාවෙ' තිබුණු 'ගෙදරට' ගියේ.ගෙදර එයාගෙම ද දන්නෙත් නෑ, ගියේ පාරදිගේ ද දන්නෙත් නෑ. මොකද ඒක කියන්න 'නැට්‍ටුවට' බැරි උනා. නැටිල්ල වැඩිකමනේ ඉතින් .


                                                                                            -මීදුම-
                                                                                                                  



Monday, March 25, 2013

J T S


ඕන්න කවුරු කවුරුත් මග බලන් හිටපු ඉඳුවර කල එළි බහින්නයි යන්නේ.
මැදින්මහේ විසිහත් වන බදාදා දින ඇරඹෙන මේ මිතුරු මංගල්ල්‍යය පුරාසති කිහිපයක් පුරාවට දිග හැරෙනවා. 
මේ කාලවකවානුවේ අපේ eleven බැච් එකේ ඉන්න නංගිලා මල්ලිලාට තම තමං තුල හැංගිලා තියෙන දක්ෂතා අඳුනගන්න වගේම තම තමංගෙ ජීවිත් වලට අලුත්ම අරුතක් ලබාගන්නත් පුළුවන්

ඉතින් හැමදාමත් වගේ මේ පාරත් අපි freshers පටන් ගන්නේ JTS එකෙන්.
ඇත්තටම මොකද්ද මේ ????????
ඒ තමා 'Junior talent show'
මේක තමා කවි සින්දු වෙන,
සින්දු ගීත වෙන හැන්දෑව...!

ඔය අතරේ සමහරු කාවඩි නටනවා. තවත් අයට මීමැස්මොරේ හැදිලා යතුරු නැතුවට ටැප් අල්ලන් නටනවා. ඔය අස්සෙ තවත් අය බෝට්‍ටුත් පැද්දා. 
මේ ඔක්කොම බලන් හිටපු එක්කෙනෙක් ගිහින් වෙනසකටත් එක්ක ඉඳගෙනත් හිටියා.
මෙහෙම බලාගෙන යද්දි මේක ගායනා තරඟයක්දෝ කියලත් හිතෙනවා.

කොහොම කොහොම හරි ඔන්න ඔහොමයි ගායනා තරඟේ වැඩකටයුතු සිද්ද වෙන්නේ.
මාර්තු මාසයේ විසිහත් වෙනිදයින් ඇරඹෙන eleven එකේ JTS එකේ පලමු වටය අදියර තුනක් යටතේ පැවැත්වෙනවා.පලවෙනි අදියර විසි හත් වෙනිදාත් දෙවෙනි අදියර විසි අටවෙනිදාත් තුන්වැනි අදියර අප්‍රේල් මාසයේ පලමුවැනිදාත් පැවැත්වෙනවා. 
මූලික වටයෙන්  සුදුසුකම් ලබන නංගිලා මල්ලිලාට දෙවන වටයේ තරඟ වලට ඇතුළු වෙන්න පුළුවන්.
හැමදාම lectures ඉවර වෙලා main hall එකේ පැවැත්වෙන මේ තරඟ වලදී අපි බලමු eleven එකි නංගිලා මල්ලිලාගෙ දක්ෂකම් වගේම රඟපෑම්.
                                                                               -මීදුම-

It's definitely worth it !


If two brains are better than one, then 200 ingenious ones put together creates an unstoppable force. United, there is nothing we couldn't do. Not a single path we couldn't walk. Not a single challenge we couldn't face and not a single task we couldn't finish.

Some may know us as the cursed-to-be-the-most-junior-batch-for-almost-1-and-a-half-years, some as their immediate senior ayyalas and akkalas... but for most of us, we are just simply DAHAYA.

For most of us, it started with an ordinary facebook group and went onto become the single most treasured and prided aspect of our life at UCFM.

Our friendship, love and understanding for each other was and will always continue to be on a one way trip to the moon. Every event and every challenge we had to face over the last one and a half years, only strengthened the bonds that held us together. We have grown together to the point where we all consider each other as nothing but our own immediate family or 'ape aya'.

Be it an 'ala' challenge, like any exam in this "Faculty if Examinations" or IBSS repeat campaign OR a 'non-ala' challenge like Medfest, Deepa Manjari, or even organizing an international conference; the spirit of DAHAYA has always been undying. To use the jargon we understand the most (or are supposed to understand) no direct allosteric inhibition or negative feed back inhibition could tone us down. We have and we will always continue to prove, that nothing is too big in the face of Dahaya and nothing can stop us from reaching our ultimate goal.

All in all, the journey of brotherhood (and sisterhood) of Dahaya has been extraordinary. The peaks of it made the troughs all worthwhile. It's the unity, devotion and laughter that managed to keep us afloat in this enormous ocean of information and undying stress.

Yeah, its an amazing experience and i wouldnt trade it for the world.
                                                              
                                                                                    -Sunset-

Sunday, March 24, 2013

புதிய மாணவர் வரவேற்பு ஓர் பார்வை


சில ஆண்டுகள் கல்வியே கருந்தனமாய் கற்று உயர்தரத்தில் உயர் பெறுபேறு பெற்று புதிதாக எமது பீடத்திற்கு உள்நுழையும் உயர்தரப் பிரிவு அணியினரை வரவேற்கும் முகமாக எம்மால் ஒழுங்கு செய்யப்பட்டதே “இந்துவர” என்றழைக்கப்படும் புதிய மாணவர்  வரவேற்பாகும்.புதிதாய் இணைந்துள்ள மாணவர்கள் பலருக்கு சங்கீதம்,கவிதை எழுதும் திறன்,சிறுகதை எழுதும் ஆற்றல் இவ்வாறான கல்வி சாராத ஆற்றல்கள் இருக்கும்.உயர்தரத்தின் சுமையினால் இக் கல்வி சாரா செயற்பாடுகளில் ஆர்வம் பெருமளவு குறைந்திருக்கும்.இவ்வாறு மாணவர்களிடையே மறைந்துள்ள திறமைகளை தூசு தட்டி வெளிப்படுத்தும் ஒரு களமாக இப் புதிய மாணவர் வரவேற்பு அமையப்போகின்றது என்பதில் எள்ளளவும் ஐயமில்லை.

மருத்துவ பீடத்தில் இரண்டாம் ஆண்டு பயிலும் மாணவர் அணியினது மிக முக்கிய பொறுப்புகளில் ஒன்றாக புதிய மாணவர் வரவேற்பு நிகழ்ச்சி அமைந்துள்ளது.ஒவ்வொரு போட்டிகளுக்கும் உரிய ஒருன்கினைப்பாளர்கள், அலங்கரிப்பு பகுதி,ஒலி ஒளி அமைப்பு,உபசாரப் பகுதி என பல்வேறு பிரிவுகளில் எமது அணியின் மாணவர்கள் இருநூறு பேரும் இப் புதிய மாணவர் வரவேற்பு வெற்றிகரமானதாக அமைவதற்காக தீவிரமாக உழைத்துக் கொண்டிருக்கின்றார்கள்.கடுமையான கல்விச் சுமையின் மத்தியிலும் எம் அணியினர் இவ் வரவேற்பு நிகழ்ச்சியை ஒழுங்கு செய்வதற்கு தேவையான பணத்தை திரட்டுவதற்காக பேனா விற்பனை நாடளாவிய ரீதியில் மேற்கொள்கின்றார்கள்.அத்துடன் இப் புதிய மாணவர் வரவேற்பானது புகுமுக மாணவர்களுக்கு மருத்துவ பீடம் என்பது வெறுமனே கல்வி கற்பதற்குரிய இடமல்ல இது கல்வியுடன் சமூகப் பொறுப்பும் தலைமைத்துவப் பண்பும் கொண்ட சீரிய மருத்துவர்களை உருவாக்கும் இடம் என்பதை உணர்த்துவதாகவும் அமையும்.

இந்துவர என்ற சிங்களச் சொல்லின் அர்த்தம் நீல அல்லி என்பதாகும்.அதாவது பல இதழ்கள் ஒன்றாகச் சேர்ந்து எப்படி ஒரு அழகிய நீலோற்பலத்தை உருவாகுகின்றதோ அது போல் உயர்தர அணி மாணவரும்   உயர்தர அணி மாணவரும் இணைந்து செயற்பட்டு புதிய மாணவர் வரவேற்பை சிறப்பாக இடம்பெறச் செய்வோம் என்பதாகும்.ஆகவே நாளை ஆரம்பிக்கவிருக்கும் புதிய மாணவர் வரவேற்பில் புதுமுக மாணவர்கள் சிறப்பாக செயற்பட எமது அணி சார்பான வாழ்த்துக்களை தெரிவித்து அமைகிறேன்.

                                                      -அபிமன்யு-

Wednesday, March 20, 2013

Memories


O.M.G-O.M.G-O.M.G I'm finally here!!!!!! I was almost hyperventilating, staring at the grand old building which was about to be my 2nd home for the next 5 years of my life. What will I learn here? Would I be able to keep up with the brainiacs filling this place? What would my batchmates be like? My seniors?...
Questions coursing through my mind....So started the Journey...

The 1st few months were the hardest of my life, and probably the most unpleasant. It was hard to adapt to the new life, away from home and school which were the places closest to the heart. Everyday I would enter the faculty hoping the day would end soon...never even imagining that I would grow to love and respect this place like my home!
Eventually the pacha-gaha became a welcome and essential piece of the fabric of my life and I associated it with friends,colleagues and as the name suggests,"pacha"
The week-ends exceedingly became boring without the endless chatter of my batch-mates. Even the learning was fun when it was done with friends and always with the helping hand of friends and my senior brothers and sisters.
Looking back after 2 years (almost!!) it has definitely been challenging....very challenging..and still is! But yet, underlying that, is a bond of friendship,brotherhood & intimacy that help us all through the struggle to achieve the best.
The crazy stuff we do with our batch-mates, the memorable trips, the gossip, the drama and surprise birthday celebrations help us keep our heads above the ocean of information coming our way.
At the end of the day, those are the things that make the ride much more enjoyable and worthwhile.


                                                                      -dedunu-


Friday, March 15, 2013

ඇරඹුනා...!



2011 වසරේ විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා, උසස් ම ප්‍රතිඵල ලබාගත්තු අපේම නංගිලා මල්ලිලා ඕන්න හා හා පුරා කියලා සරසවි දිවියේ මුල්ගල් තියන්න කොළඹ වෙද පියසට ඇවිත්. අලුතෙන් ආපු මේ නැවට, ඒ කියන්නෙ 2011 බැච් එකට  අපි කියන්නෙ elevenඑක කියලා. සරසවි දිවියට කිරි කෝඩු උනු මෙයාලට ඒ දිවිය හඳුන්වලා දෙන්නෙ අපි.

අපි තමා 'ten'එක. කවුරුත් අපිට කියන්නෙ 'දහය' කියලා. 

freshersලට කොළඹ වෙද පියසේ තියෙන සංස්කෘතිය, ළබැඳියාව, සුන්දරබව හඳුන්වලා දෙන freshers කාලෙ තමා ඉස්සරහට මේ එන්නෙ.අපේ වෙද පියසේ කවුරු කවුරුත් ආසාවෙන් බලන් ඉන්න, කවුරු කවුරුත් සහභාගී වෙන මේ freshers කාලෙ තමා අලුතෙන් ආපු නංගිලා මල්ලිලා අයියලා අක්කලා අඳුනගන්නවා වගේම තමතමන් තුල හැංගිලා තියෙන දක්ෂතාත්  අඳුනගන්නෙ. ඒක ඇත්තටම freshersලට මෞලි මංගල්ලයක්. 

බොහොමයක් දෙනා, අම්මගෙන් අප්පච්චිගෙන් පලවෙනි වතාවට තමයි මේ විදිහට ඈත් වෙලා, අමුතුම පරිසරේක කාලෙ ගත කරන්නේ.මෙන්න මේ විදිහට බයෙන් සැකෙන්  අමුතුම වටපිටාවක කාලෙ ගත කරපු නංගිලා මල්ලිලාට ටිකෙන් ටික ඒ බය ඈත් කරලා 'අමුතු පරිසරේ' තමන්ගෙ ම නිවහනබවට පත් කරගන්න, සරසවි දිවියේ සුන්දර තැන් අත්විඳින්න freshers එක අලුත් ම ලස්සන අත්දැකීමක්.

අන්න ඒ freshers එක බොහොම සුන්දර දෙයක් බවට පත්කරන්න මේ දවස්වල 'දහයෙ අපි' ගොඩක් වැඩ කරනවා. සිනාහඬින්,විහිලුතහලුවෙන් පිරුණු අපේ මේ වැඩවල ලොකුම ඉලක්කය තමයි freshers එක අපේ නංගිලා මල්ලිලාගෙ වගේම දහයෙ අපෙත් කවදාවත් ම අමතක නොවෙන, ජීවිතයේ සුන්දර මතකයක් බවට පත් කරන එක. ඉතින්,

'නැහැවෙන්නට අවසරයි සියක් සිත් පැහැ දුලන මිතුරුමල් මකරන්දයෙන්'    
                                                                                                      -මීදුම-

Tuesday, March 12, 2013

ඉඳුවර




ඔන්න එනවලු

නෑ !!!
කවද්ද ?
හොඳද ?
අපිටත් වඩා ?
කීයක්ද ?
මරුනේ !!!
ඉතින් අපි
දෙන්නැද්ද ?
පටන් ගන්න වෙයි අද හෙටම.
'ඉඳුවර' පිබිදුනේ ඔහොම.

සියක් අදහසින් බැඳි
දහස් හැඟුමෙන් සැදි
මිතුරු මල් කිනිත්තෙන්
ඉසින්නට අවසරයි
සියක්  සිත්පැහැ දුලන
මිතුරුමල් මකරන්දය...!
                                       - J -